රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මත්පැන් පානයකර මිතුරන් සමග උපන්දිනය සමරා නිවස කරා යන ගමනේදී වාහනයක් හප්පා පොලිස් අණට අවනත නොවී අධිවේගී මාර්ගය ඔස්සේ පලායාමට තැත් කළ 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවට බණ්ඩාරගම පොලිසිය පවසනවා.
බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු බණ්ඩාරගම නගරයේ රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක් පානදුර දෙස සිට බණ්ඩාරගම නගරය දෙසට පැමිණෙන අයුරු දුටු පොලිස් නිලධාරීන් එය නැවැත්වීමට සංඥා කර තිබෙනවා.
ඒ සමගම මෝටර් රථයේ රියදුරු පොලිස් නිලධාරීන්ට මඟහැර හොරණ දෙසට අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරන්නට වූයෙන් පොලිස් නිලධාරීන් සිය යතුරුපැදියෙන් මෝටර් රථය හඹා යන්නට වූ අතර, වීදාගම හන්දියේදී ද පොලිසියේ අණ නොතකා ධාවනය කර තිබෙනවා.
ඊට ද අවනත නොවූ රියදුරු අනෙකුත් වාහනවලටද අනතුරුදායක ලෙස මෝටර් රථය බණ්ඩාරගම හොරණ මාර්ගයේ අධික වේගයෙන් පදවා, ගැලණිගම අධිවේගී පිවිසුමට යොමුවන මාර්ගයට යොමු කර ඒ ඔස්සේ මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එසැනින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ද එහි පසුපස හඹා යමින් ගැලණිගම පිවිසුමේ සිටි පොලිස් නිලධාරියාට ඉදිරියෙන් නවතා තිබෙන වාහනය ඉදිරියට නොගෙන නවතාගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, මෝටර් රථය පැදවූ 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව මෝටර් රථය තුළ සිට අනෙක් තරුණයන්දෙ දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තම මිතුරාගේ උපන්දිනයට ඔහුගේ ඇරයුම මත පානදුරට පැමිණ මත්පැන් සාදයක් පැවැත්වූ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
සැකකරු පැදවූ මෝටර් රථය අළුබෝමුල්ල පොලිස් වසමේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් සැකකරු පැදවූ මෝටර් රථයේ ඉදිරිපසට හා බඳට හානි සිදුව තිබෙනවා.
සාකකාර මෝටර් රථය ධාවනය කළ ටියදුරු මත්පැන් පානය කර සිටින බව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්වශන පරීක්ෂණ නලයක්ද භාවිතා කළ බවයි පොලිසිය සඳහන් කළේ.




















