BREAKING NEWS
Search

සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

37

මුතූර් – දාහානගර් ගම්මානයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි.

අවිවාහක කාන්තාවන්වන මොවුන් විශ්‍රාමික පාසල් ගුරුවරියක් සහ හෙද නිලධාරිනියක් බව සදහන්.

මොවුන් දෙදෙනා තනිවම නිවසේ රැදී සිට ඇති අතර, ඝාතනයට හේතුව සහ ඝාතකයින් පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

වෙනත් පුවත්

තමිල් අරසු පක්ෂය මෝදි හමුවීමේ අපේක්ෂාවෙන්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසනවා.

ඊයේ යාපනය ප්‍රදේශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම පක්ෂයේ වැඩ බලන නායක සි.වී.කේ ශිවඥානම් මේ බව සඳහන් කළා.

ලබන මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක් සදහා පැමිණීමට නියමිත අතර ඔහු හමුවීමට තමිල් අරුසු පක්ෂය අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.

විශේෂයෙන් මෙහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරේ ජනතාවගේ ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩ බලන නායක සි.වී.කේ ශිවඥානම් ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *