BREAKING NEWS
Search

වැලිවේරිය රත් කරමින් වෙඩිතැබීමක්

37

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගම්පහ – වැලිවේරිය ඇඹරළුව පාරේ නිවසක සිටි පුද්ගලයෙකු, වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

වෙනත් පුවත්

අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි.  නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ගෙන තීන්දු තීරණ ගැනීමට පැකිළෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

මෙවර අයවැයෙන් වකුගඩු රෝග පාලනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබෙනවා. පොලොන්නරුව වකුගඩු රෝහලේ අඩු පාඩු සම්පූර්ණ කරගැනීමට චීන සමූහාණ්ඩුවත් සමග සාකච්ඡා කළා.

සෞඛ්‍ය ඇමැති ලෙස පත්වූ පසු එකම සංගමයක උත්සව දෙකකට සහභාගිවූ අවස්ථාව මෙය බවත් කී අමාත්‍යවරයා  රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ කවර සංවිධානයක වුවද බලාපොරොත්තුව අපේ රටේ සෑම පුරවැසියකුටම යහපත් ජීවිතයක් ලබාදීමයි.

රජය හැටියට ආණ්ඩුව වියදම්ක රනුයේ ජනතාව ගෙවන බදු මුදල්. භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය ඉහළම වටිනාකම ලබාදීමට රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාස තුනහමාර ඇතුළත දේශපාලඥයන් වෙනුවෙන් කළ වියදම් සැලකිය යුතු මට්ටමකට අඩු කළා. මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 604 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කටයුතු කළා යැයි අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවැසූවේ ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින්  කොළඹ නව නගර ශාලාවේ සංවිධානය කර තිබූ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *