රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතිබව අක්මීමන පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව සඳහන් වේ.
මෙම බන්ධනාගාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම ලබා ඇතිබව වාර්තා වේ.
කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වනතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්හන සිදුකරයි.

















