දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජීගේ මාමා වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුශ්ක මහේෂ් ද සොයිසාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 වසරේ මැයි මස 26 වැනිදා සිදුවූ එම වෙඩි තැබීමෙන් යතුරු පැදියකින් යමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, කොස්ගොඩ තාරකගේ පාර්ශවයට වෙඩි තැබීමේ චෝදනාව එල්ලවුණා.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණේ අගම්පොඩි සඳුන් ජීවන්ත ද සිල්වා සහ අගම්පොඩි සමන් මලී ද සොයිසා නමැති සැකකරුවන් දෙදෙනෙක්.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, දැනට ඉතාලියේ සැඟවී සිටින කොස්ගොඩ තාරකගේ පාර්ශ්වය නියෝජනය කරන යක්දෙහි දිල්ෂාන් මදුශන්ක ද සිල්වා හෙවත් බලපිටියේ දිල්ෂාන්ගේ මෙහෙයවීම මත වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වෙඩිතැබීම සඳහා යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බවට අනාවරණ කරගෙවන ඇති අතර, කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාව යටතේයි.
රැඳවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.




















