මර්වින් බන්ධනාගාර රෝහලට

37

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේය.

මර්වින් සිල්වා මහතා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

වෙනත් පුවත්

මන්ත්‍රී සුගත්ටත් මැතිසබේ තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින්  ඔහුගේ නම යෝජනා කෙරුණුඅතර විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කළේය.

මෙම තෝරා පත්කර ගැනීම සිදුවුයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගිය (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීය.

තවද එහි  නියෝජ්‍ය සම සභාපති ලෙස (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා  තෝරා පත්කර ගන්නා ලදී.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *