BREAKING NEWS
Search

මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි – දුශේනිගේ සිදුවීම ගැන ඕෂදී ගෙන් සැර කතාවක්

46

මේ දවස් වල හැමෝම කතා කරන මාතෘකාවක් තමයි මායාවී නාට්‍ය තුලින් හිතයිශි ලෙස රගපාන දුශේනි එම චරිතයෙන් ඉවත් කිරීම හෝ ඉවත් වීම පිලිබදව. දුශේනි පවසන්නේ අසනීප නිසා රූගත කිරීම්වලට දවස් දෙකක් සහභාගී වීමට නොහැකි වූ නිසා ඇයව එම චරිතයෙන් ඉවත් කර ඇති බවයි . නමුත් අධ්‍යක්ෂක ඊට හාත්පසින්ම වෙනස් කතාවක් පවසා තිබෙනවා අපි ඔබට පෙර ලිපියක ගෙන ආවා.

මේ මාතෘකාව පිළිබද අද දක්ෂ රංගන ශිල්පිනියක් වන ඕෂදී හේවාමද්දුම තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබෙනවා.

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්රයේ අධ්යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *