කැනඩාවේ වෙඩි තැබීමකින් ලංකාවේ ප්‍රසිද්ධ පුදගලයෙක්ගේ 20 හැවිරිදි දුව මරුට

40

කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ වාසය කළ ශ්‍රී ලංකාවේ තරුණියක් පෙරේදා (11) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ, යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිණිබිරියක් වන රගුදාස් නිලක්ෂි නැමති 20 හැවිරිදි තරුණියක්.

වෙඩි තැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර, යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය මෙම තරුණිය වසර දෙකක්ම ජීවත් වි ඇත්තේ එම නිවසේ බවටයි වාර්තා වෙන්නේ.

එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති අතර, මෙවර සිදු වූ වෙඩි තැබීමේදී මෙම තරුණිය සමග තවත් අයෙකු මියගොස්, තවත් අයෙකු තුවාල සිදුව තිබෙනවා.

නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයෙකුට ද තුවක්කුකරුවෝ වෙඩි තබා මරා දමා ඇති බවට සඳහන්.

වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතර දෙනෙකු කැබ් රථයකින් පලා යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන්වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *