BREAKING NEWS
Search

දෙදෙනෙක්ට මරු කැදවමින් සිසුන් තිදෙනෙක් ඇතුළු 12ක් රෝහලට යැවූ බිහිසුණු අනතුරු

34

දඹුල්ල බකමූණ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

මේ අතර කොළඹ – කුරුණෑගල මාර්ග අංක 05 මාර්ගයේ නාල්ල මංචිකඩේ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබුවන් මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් අවුරුදු 12ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහළට ඇතුළත් කර ඇති බවත් නාල්ල පොලීසිය සදහන් කළා.

ලංගම බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බස් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *