BREAKING NEWS
Search

එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනාට මරු කැදවූ බිහිසුණු අනතුර ගැන ඇසෙන ඇග හිරි වැටෙන අලුත්ම කතාව

30

හලාවත සිට කොළඹ බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක සහ ලොරි රථයක ගැටී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තලවිල දේවස්ථානයට ගොස් පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මියගොස් ඇති තිදෙනා එකම පවුලේ අය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රිරෝද රථය මාළු පැටවූ ලොරි රථයක ගැටී පසුව බස් රථයක ද ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මාළු ලොරිය පළා ගොස් ඇත.

අනතුරින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පේ පොලීසිය විසින් පවත්වනු ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත් තීරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *