BREAKING NEWS
Search

ත්‍රිරෝද රථයක් බසයක සහ ලොරියක ගැටී තිදෙනෙක් මරුට

28

හලාවත සිට කොළඹ බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක සහ ලොරි රථයක ගැටී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තලවිල දේවස්ථානයට ගොස් පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මියගොස් ඇති තිදෙනා එකම පවුලේ අය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රිරෝද රථය මාළු පැටවූ ලොරි රථයක ගැටී පසුව බස් රථයක ද ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මාළු ලොරිය පළා ගොස් ඇත.

අනතුරින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පේ පොලීසිය විසින් පවත්වනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *