රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක ගමන් ගත් චීන ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.
නාණුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් කාන්තාවක් මෙසේ අද (09) අනතුරට ලක්ව තිබෙනවා.
ඒ හපුතලේ ඉදල්ගස්හින්න19 බිංගෙය අසළ දී බවයි පොලිසිය පවසන්නේ.
ඇය හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇතුලත කර ඇතැයි හපුතලේ පොලීසිය පවසනවා.
යං ජී (YANG JIE ) නැමැති 35 හැවිරිදි එම කාන්තාවගේ හිස ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි වැදීමෙන් අනතුරුව දුම්රියෙන් ඇද වැටී තිබෙන අතර හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව තිබෙනවා.
පසුව 1990 ගිලන් රථයක් මගින් හපුතලයේ රෝහලටත් අනතුරුව දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව තවදුරටත් ප්‍රතිකාර ලබාදීම සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.
තුවාල ලැබූ ඇයගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

















