දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ අවුරුදු 21ක තරුණියක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 10g 100mg සමග අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රංගනා මල්සාදී නම් මෙම තරුණියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරම කළ බවත් ප්‍රදේශ කිහිපයකට අලෙවි කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් හෙරෝයින් වල වටිනාකම ලක්ෂ දෙකයි අසූවක් පමණ බවයි දිවුලපිටිය පොලිසිය පවසන්නේ.
තරුණිය අදාළ හෙරොයින් සමඟ මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණියව මාර්තු 18 දක්වා මීගමු රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

















