BREAKING NEWS
Search

මේ යන්නේ ඉරණම් ගමන කියලා මොහොතකටවත් ඇයට සිතෙන්න නැතුව ඇති. රිය අනතුරින් 20 තරුණියට දිවි අහිඅමිවෙයි

41

ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම  පියෙකු සහ දියණියක් ගමන් කල  යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින්  යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ  ඉගෙනුම ලබමින් සිටි  , එප්පාවල කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි වේලන්ගහමලේ ගෙදර සඳරේකා සුබෝධනී හේමන්ත නැමැති 20 හැවිරිදි  තරුණියකි.

පාඨමාලාවකට සහභාගි වීම සඳහා පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින්  සිටියදී අනුරාධපුර  පාදනීය ඒ 28 මාර්ගයේ  , කිලෝ මීටර් 79 සහ 80 කණුව අතර ශ්‍රාවස්තිපුර  පහේ ඇල හංදිය  අසලදී ඊයේ (8දා) මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

තලාව දෙස සිට අනුරාධපුර දෙසට එම පියා සහ දියණිය ගමන් කල යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී, එම දිශාවටම පිටු පසින් පැමිණි පෞද්ගලික බස් රථය එම යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පසු පදිකාරියවන මරණකාරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළු කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු  පැවසීය.

බුල්නෑව  තොරණේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි  එම බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙ ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *