BREAKING NEWS
Search

තාමත් ආදරය කරන්න කෙනෙක් මුණ ගැහුනේ නැද්ද? එහෙනම් මේ වැරදි පුරුදු ඔබ තුලත් තිබෙනවාද බලන්න

666

ඔබේ සමහර වැරදි පුරුදු ඔබට ආදරවන්තයෙක්/ආදරවතියක් හිමි වීම වළක්වනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? බොහෝ කාන්තාවන් තමන්ට සහකරුවෙකු/සහකාරියක් නොමැති වීම ගැනත්, තනිකම ගැනත් දුක් වෙනවා. ඒත් ඔවුන් ඔවුන්ගේ තනිකම නැති කර ගැනීමට කල යුතු දේවල් සිදු කරන්නේ නැහැ. ඉතින් අද අපි ඔබට ඒ වැරදි පුරුදු ඉදිරිපත් කරන්නට තීරණය කළා.

ඔබ හරිම කාර්යබහුලයි

කාර්යබහුල බව ඔබව එක තැනකට කොටු කරනවා. ඔබ කරන රැකියාවේ කාර්යබහුල බව වැඩි නම් ඔබට ඔබේ පෞද්ගලික ජීවිතය අහිමි වෙනවා. දවසේ වැඩි කාලයක් ඔබ කාර්යාලය තුල ගත කරනවා. සති අන්තයේදීත් ඔබේ පිට රාජකාරි පැටවෙනවා. මිතුරන් ඇසුරු කරන්නවත් ඔබට වෙලාවක් නැහැ. එවැනි තත්වයකදී ඔබට සුදුසු අයෙකු හඳුනා ගන්නටවත් ඔබට අවස්තාවක් ලැබෙන්නේ නැහැ.

පරණ පෙම්වතාගෙන් මිදෙන්නට බැරි කම

ඔබ පැරණි සබඳතාවය තුල තවමත් මනසින් ජිවත් වෙන කෙනෙක්ද? ඔබ නිතරම ඔබේ පැරණි පෙම්වතා ගැන කතා කරනවා නම්, ඔබ ගැන උනන්දු වන පිරිමින් පවා ඔබට ආදරය ප්‍රකාශ කරන්නට මැලි වෙනවා. ඔබ තවමත් පරණ පෙම්වතාගේ ත්‍යාග, ජායාරූප ඔබ ළඟ තබාගෙන සිටීම ඔබ ඔබට නව පෙම්වතෙකු ලැබීමේ මාර්ගය අවහිර කරගෙන සිටිමකට සම වෙනවා. ඒ නිසා පරණ පෙම්වතාව අමතක කර දමන්නට උනන්දු වන්න. ඔහු ගැන සිහිපත් වෙන සිහිවටන ඔබ වෙතින් ඉවත් කර දමන්න. අලුත් අවස්තාවක් ඔබ වෙත ලැබෙන්නේ එවිටයි.

ඔබ නිවසේ රැඳෙන්න කැමතියි

ඔබේ මිතුරන් ඔබට විනෝද වීම සඳහා පිටතට යාමට ආරාධනා කළත් ඔබ ඒවා මඟ හරිනවා. ඔබ වැඩියෙන්ම කැමති නිවසට වෙලා ඉන්නයි. ඔබ විනෝද චාරිකා, සමිති සමාගම් වලට බැඳීම, මංගල උත්සව වැනි අවස්තාවන් මඟ හරිනවා. ඔබ නිවසට වී හිඳීමෙන් ඔබට කවදාවත් නව මිතුරන් ඇසුරු කරන්නට හෝ හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. මෙම හැසිරීමත් ඔබට පෙම්වතෙකු හිමි කර ගැනීමට ඇති බාධාවක්.

ඔබ ඔබේ රූපය ගැන සැලකිලිමත් වන්නේ නැහැ

පෙම් සබඳතාවය බිඳී යාම හෝ පෙම්වතෙකු නොමැති වීම කියන්නේ ඔබ ඔබේ රූපය ගැන උනන්දු නොවී සිටීමට හේතුවක් නොවේ. ඔබ සුන්දරව නිතරම සිටීමට උත්සාහ කරන්න. ඔබේ රූප සෞන්දර්යය ඉස්මතු වන සේ ඇඳුම් පැළඳුම් තෝරා ගන්න. සුන්දර හැසිරීම් රටාවකට හුරු වන්න. සුන්දරව වචන හසුරුවන්න. සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින්නට අමතක කරන්න එපා. එයින් ඔබට බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය හිමි වේවි. බලාගත් අත බලාගෙන දුකෙන් පසු වන්න එපා. නිතරම නැවුම් ලෙස සිටින්න.

ඔබ දෙමව්පියන්ට අනවශ්‍ය ලෙස බයයි

ඔබට තරුණයෙකු යෝජනාවක් ඉදිරිපත් කළත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවා. ඔබට කෙතරම් ආදර සිතුවිලි ඇති වුවත් ඔබ ඒවා යටපත් කර ගන්නවා. එයට හේතුව වන්නේ ඔබ ඔබේ දෙමව්පියම්න් එම තරුණයාට අකමැති වේ යැයි බිය වන නිසායි. මේ අනියත බිය ඔබට පෙම්වතෙකු ලැබීමේ අවස්තාව අහිමි කරනවා. ඔබ තෝරා ගන්නා පෙම්වතාට මව්පියන් අකමැති නොවෙන්නත් පුළුවන්. ඔහු දෙමව්පියන් සමඟ කතා කර ඔබ ගැන අවසර ඉල්ලන විට ඔවුන් ඔබේ සබඳතාවයට ආශිර්වාද කරාවි.

ඔබ නව දේවල් අත්හදා බලන්නේ නැහැ

ඔබ හැමදාම කරන්නේ ඔබට පුරුදු දේවල් විතරමයි. ඔබ පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඔබේ කාලය යොමු කළත්, නාට්‍ය නරඹන්න යන්නේ නැහැ. ක්‍රීඩා කරන්නට යන්නේ නැහැ. අලුත් අවස්තාවක් කියන්නේ අලුත් මිතුරන් රැසක් ඇති කර ගත හැකි මාර්ගයක්. ඉතින් නව දේවල් අත් හදා බලන්න. ඔබේ මිතුරන් සමඟ ඔබ කලින් නොකළ දේවල් කරන්න.

 

Source – goodhousekeeping.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *