BREAKING NEWS
Search

කුකුළු මස් සහ බිත්තර මිලට වෙන්න යන දේ…

2529
උත්වස සමය උදා වෙන්න තව තියෙන්නේ ටික දවසයි.


වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මාතලී ජයසේකර පවසන්නේ එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යනු ඇති බවයි.

කුකුල් කෑමවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යන යන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

වෙනත් පුවත්

ජනපති-අයි.එම්.එෆ් අධ්‍යක්ෂ ඔන්ලයින් හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා  ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ  ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුව අතරතුර, 2022  වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය  කෘතවේදීත්වය පළ කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි දී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  ඇගයීමට ලක් කළේය.

ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම  අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *