BREAKING NEWS
Search

ගුරුවරයෙකු විසින් ගුරුවරියකට පහර දෙයි. පාර්ලිමේන්තුවේදී එලියට ආ කතාව

36

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරියකට ගුරුවරයෙකු විසින් ඊයේ (07) පහරදීමක් සිදුකර තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි පවසනවා.

විදුහල්පතිතුමිය ඉදිරියේ මෙම පහරදීම සිදුකර ඇති බවත්, ඇය මේ වනවිට් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

ඇය මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී මන්ත්‍රීවරිය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ඇය දැනුවත්, දැනුවත් නම් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්.

අනතුරුව අගමැතිවරිය පවසා සිටියේ, මේ සිදුවීම සම්බන්ධයෙන් අද උදෑසන වාර්තා වූ බවත්, මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සොයාබලා නීතිමය ගන්නා බවයි.

තවද අමාත්‍යංශයට දැනුම් දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි අගමැතිවරිය සඳහන් කළේ.

එමෙන්ම එම විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු අද දවස ඇතුළත පාර්ලිමේන්තුවට දන්වා සිටින බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *