ඇලපාත පොලිස් වසමේ අළුපත්ගල ප්රදේශයේදී බහින් බස් වීමක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඊයේ (07) ඝාතනය කර ඇති බව ඇලපාත පොලිසිය පවසනවා.
මරණකරු වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මරණකරුගේ වැඩිමහල් සොහොයුරාවන සැකකරු මානසික රෝගයකට ප්රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්රකාශයක් ලබා දී ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු ප්රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



















