BREAKING NEWS
Search

අවාසනාවන්ත ලෙස පුතුගේ වාහනයට යට වි ජිවිතයෙන් සමුගත් මවක් ගැන ඇසෙන සංවේදී කතාව

1834

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොහුවල, සුමනාරාම මාර්ගයේදී කාර් රථයක් රියදුරුට පණ ගැන්වීමට නොහැකිව නවතා තිබියදී කාර් රථය පන ගැන්වීම සදහා රියදුරුගේ මව හා බිරිඳ ඉදිරිපස ටයරයට තබා තිබූ ගලක් ඉවත් කිරීමේදී රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින් රථය ඉදිරියට ගමන් කිරීමෙන් රියදුරුගේ මව කාර් රථයේ ඊයේ (07) ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරුගේ මව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදීයි මිය ගොස් ඇත්තේ.

මරණකාරිය වයස අවුරුදු 59ක් වූ සුමනාරාම පාර, කොහුවල ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.

කාර් රථය බෑවුම දෙසට පැමිණීමේදී රියදුරුගේ බිරිඳ වහා ඉවත් වුවද මරණකාරියට ඉවත් වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *