පොලිසිය සදහන් කළේ, කඩු සහ පොලු මුගුරු රැගත් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම සමාජ ශාලාවේ දේපලට හානි සිදු කර ඇති බවයි.
එමෙන්ම ඔවුන් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති ද විනාශ කර එහි උපාංග ද ගලවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පහර දුන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට සදහා විමර්ශනයක් ක්රියාත්මකයි.




















