කළුගං ඉවුරට ගොඩගැසූ කාන්තා මළසිරුර ගැන හද කම්පා කරවන අනාවරණයක්

2311
මෙවන් අවාසනාවන්ත ඉරණම් කතාවක් උරුම වෙයි කියලා ඔවුන් කවමදාකවත් හිතන්න නැතුව ඇති….
බුලත්සිංහල, ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළුගං ඉවුරට ගොඩගසා තිබූ මළසිරුර මීට දින කිහිපයකට පෙර ඉංගිරිය, රයිගමවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ තරුණියකගේ බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගිය පාසැල් ගුරුවරයෙක් ද සිය දිවි හානි කරගෙන ඇති බවයි.

බුලත්සිංහල ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළු ගඟේ ඉවුර ආසන්නයට ගොඩ ගසා තිබුණු නාදුනන කාන්තා මළ සිරුරක් බුලත්සිංහල පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර හොරණ , වගවත්ත ප්‍රදේශයෙන් ගොඩ ගැනුණේ ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ පවතින දුෂ්කරතාවයන් හේතුවෙන්.

එම සිරුර මීට දින පහකට පමණ උඩදී ඉංගිරිය ප්‍රදේශයෙන් අතුරුදන්වු බව කියන විසි හැවිරිදි තරුණියකගේ බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගෙන තිබුණා.

එමෙන්ම බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයෙන් ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයෙකුගේ මරණයක් ද වාර්තාවී තිබුණා.

එම සියදිවි හානි කර ගත් පුද්ගලයා අදාළ තරුණිය සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබූ බවත් වාර්තා වුණා.

ඔහු බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේම පදිංචි තිස් හැවිරිදි දමිළ පාසැල් ගුරුවරයෙක් වන අතර අදාළ තරුණිය අතුරුදන් වීමෙන් පසු එම පුද්ගලයාව පොලිසියට කැඳවා ප්‍රශ්න කර මුදා හැර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව අදාළ පුද්ගලයා නිවැසියන් නින්දට ගොස් සිටින අවස්ථාවේ නිවසින් බැහැරව ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *