BREAKING NEWS
Search

ළමයි හිටියට කමක් නැහැ……….. දාපන්..” මිද්දෙනිය ත්‍රිත්ත ඝාතනය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..

400
ඒ අහිංසක මල් කැකුළු දෙක අකාලයේ මිලින වූ ඒ සිද්ධිය බොහෝ දෙනාගේ හද කම්පා කරන පුවතක් වුණා..
මේ සිද්ධිය පිටුපස සැඟවුණු තවත් ඇඟ කිලිපොළා යන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ..

මිද්දෙණිය ප්‍රදේශයේදී පෙබරවාරි 18 වැනිදා අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගෙන් පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනවා..

ඒ අනුව වෙඩික්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ ඩුබායි හී සිටින බැකෝ සමන්ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයෙකු වූ ළහිරු නැමැත්තාගේන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් අනුව අදාළ ඝාතන සිදු කළ බවයි..

තමන් කජ්ජා නැමැත්තා ඝාතනය සඳහා පැමිණි නමුත් දරු දෙදෙනා ඝාතනය කිරීමේ අරමුණක් නොතිබූ බවද වෙඩික්කරු පවසා තිබෙනවා..

කෙසේ වෙතත් තමන් පැමිණි යතුරුපැදිය පැදවූ බැකෝ සමන්ගේ ගොලයා විසින් ”ළමයි හිටියට කමක් නැහැ ගහලා දාපන්” යනුවෙන් පැවසූ බවද වෙඩික්කරු පාපොච්චාරණය කර තිබුණා..

ඒ අනුව තමා අදාළ ඝාතනය සිදු කළ අතර ඒ වෙනුවෙන් බැකෝ සමන් නැමැත්තා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් තම බිරිඳගේ ගිණුමට අත්තිකාරම් ලෙස බැර කළ බවද ඔහු පවසා තිබෙනවා..

කෙසේ නමුත් අදාළ ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි ලක්ෂ 2 හමාරක මුදල ලබා ගැනීම සඳහා බැකෝ සමන්ට සහ ළහිරු නැමැත්තාට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා..

අදාළ ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය මිද්දෙණිය ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන ගිය ස්ථානයක පිහිටි ගල්වලක ජලයේ ගිල්වා තිබියදී ගොඩගැණුනු අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *