සිසුවියන්ට අමුතු පාඩම් කියා දෙන්න ගිය ගණිත ගුරා

149

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි, දෙමවුපියන් කරන ලද   පැමිණිලි කිහිපයකට අනුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ  මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු අද( 07) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

ඊයේ (06 ) දෙමව්පියන්  විසින් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *