අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2024) සඳහා පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහයවීම් ඇතුළු සියලුම ක්‍රියාකාරකම් ලබන මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භවීමට නියමිතය.
වෙනත් පුවත්
සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
වෙඩි තැබූ රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ විසි පහක් වැඩිදුරු විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට ද නියෝග කෙරිණි.



















