BREAKING NEWS
Search

ලොරියේ බැට්රිය ආරක්ෂා කරගන්න පියා කල දෙයින් බිරිද සහ පුංචි පුතුට අත් වූ ඉරණම ගැන ඇහෙන වෙනස්ම කදුළු කතාව

1476

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අපරික්ෂාකාරී බව නිසා විවිධ අවස්ථාවල අහිමි වූ ජීවිත ගැන කණගාටුදායක පුවත් අහන්න දකින්න ලැබෙනවා..
මේ අන්න ඒ වගේ තවත් එක කතාවක්.. මෙම අවාසනාවන්ත සිද්ධිය පෙරේදා පස්වරුවේ සිදුවී වුණා… මෙම සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ 18 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ලොරිරථයේ බැටරිය ආරක්‍ෂා කර ගැනීමට නිවසක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් 5 හැවිරිදි දරුවකුට විදුලිසර වැදී සිටි අවස්ථාවේ ඔහුව බේරා ගැනීමට ගිය 38 හැවිරිදි මව ද විදුලිසර වැදී දෙදෙනාම මියගිය ඒ කණගාටුදායක පුවත අහන්න ලැබුණේ සූරියවැව ප්‍රදේශයෙන්.. සූරියවැව පොලිසිය පවසන පරිදි මෙලෙස මියගොස් තිබුණේ ඉනෝෂා හර්ෂණී නමැති සිව්දරු මාතාවක හා ගඟන ඉඳුවර නමැති ඇගේ පුත්‍රයායි..

මියගිය පුතා පාපැදියකින් යාබද නිවසකට යමින් සිටියදී සිය වත්තේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසර වැදී තිබෙනවා… ටික වේලාවක සිට සිය දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව ඔහු සොයා ඇති අතර එහිදී විදුලිසර වැදී වැටී සිටි දරුවාව දැක තිබුණා… එම අවස්ථාවේ මව එම දරුවා බේරා ගැනීමට සිතා ඇඟෙන් ඇල්ලීමේදී ඇයට ද විදුලිසර වැදී එම ස්ථානයේදීම මියගොස් තිබූ බව පොලිසිය පවසනවා..

මෙම නිවසේ ලොරි රථයක් ඇති අතර, ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙම අනවසර විදුලි රැහැන් ඇද තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා…

සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අයි. එම්. රාජරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලලිත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *