BREAKING NEWS
Search

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

585
මේ කියන්න යන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇසෙන තවත් එක් කතාවක් ගැනයි..
මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3663දී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා..

අපේ­ක්ෂ­ක­යන් 474,147 දෙනකු ඊට පෙනී සිටින අතර විභාග අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රවේ­ශ­පත්‍ර මේ වන විට තැපෑ­ලට යොමු කර අව­සන් බවයි, විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර පැවසුවේ..

එම අයදුම්පත් සංශෝ­ධ­න­යක් කර ගැනී­මට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනි­දාට පෙර www.doenets.lk වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් සිදු කර­ගත හැකි අතර, සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේ­ශ­පත් ඉක්ම­නින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොම­සා­රි­ස්ව­රයා විදු­හ­ල්ප­ති­ව­රුන්ට උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස්වරයා පැවසුවා..

විභා­ගයේ ප්‍රවේ­ශ­පත් නොලැ­බුණු පාසල් සිසු­වකු වේ නම් විදු­හ­ල්ප­ති­ව­රයා මඟින් විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විම­සන ලෙසත් පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වකු වේ නම් තැපැල් කාර්යා­ල­යෙන් හෝ විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විමසන ලෙසයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *