ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය.
මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
වෙනත් පුවත්
ත්රිරෝදයක් ගිනි ගනී
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
තීරෝද රථයේ රියදුරු එහි ඉදිරිපස අසුන්ගෙන සිටියදී තීරෝද රථයේ පිටුපස පෙදෙසින් මෙම ගින්න හටගෙන තිබිණි.
එම ස්ථානයෙන් ගමන් ගත් පොලිස් නිලධාරීන් පිරිසක් ගින්න දැක රියදුරුට ඒ බව දැනුම් දී තිබිණි.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ත්රී රෝද රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබිණි.
ගින්නට හේතුව කාර්මික දෝෂයක් වන්නට ඇතැයි සැක කෙරේ



















