BREAKING NEWS
Search

ජනාධිපතිවරණයට පෙර දිනයේ පැන්නූ කෝටි 25ක මැණික් මල්ලක් ගැන හෙළිවෙයි

260

පසුගිය ජනාධිපතිවරණය පැවති දිනට පෙර දින අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතු රුපියල් කෝටි 25ක් වටිනා මැණික් තොගයක් රහසේ මුදා හැර ඇති බවට කෝප් කමිටුවේදී අනාවරණ වුණා.

එවක හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පත් කළ සභාපතිවරයාගේ දැනුවත්භාවය මත එය සිදුවූ බවයි කමිටුව හමුවේ අදහස් දක්වමින් මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ.
වෙනත් පුවත්

යල කන්නයට ඇති තරම් පොහොර

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද(6) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අපහසුතාවකින් සහ බාධාවකින් තොරව ගොවීන්ට යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට හැකි පරිසරය සකස් කර දිය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *