BREAKING NEWS
Search

මර්වින්ගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට

347

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි

වෙනත් පුවත්

හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව සිදුකළ මෙහෙයුම්වලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 572 දෙදෙනකු පොලිසිය විසින් සිදු කළ මෙහෙයුම්වලින් 107 දෙනෙකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි මස 22දින සිට අද 05 දක්වා කාලය තුළ රටපුරා සිදු කළ මෙහෙයුම්වලින් මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *