සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශයතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.
“රුපියල් 1,000 භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත්, 5,000 සේ භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත් 1000ටයි 5000ටයි අදාළ නැති සතොස තුළ තිබෙන ඕනෑම භාණ්ඩ වර්ගයක් බෙදා හැරීමටත් අපි කටයුතු කරලා තියෙනවා. සතොස වෙබ් අඩවියට ගියාම භාණ්ඩ 114ක් තියෙනවා. ගෙවන මිලට වඩා වටින භාණ්ඩ මල්ලක් ගන්න පුළුවන්.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

















