රැකබලා ගත් අලියා නිසා ඛේදනීය ලෙස අවසන් ගමන් ගිය ඇත් ගොව්වෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ හබරන ප්‍රදේශයෙන්.
මෙසේ මියගොස් ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි රසික තිලකරත්න නම් වූ විසි හය හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
ඔහු මෙම පොඩි රාජු නැමැති හීලෑ අලියා බලා ගැනීමට වසර හයක පමණ කාලයක් මේ අලියා සමග ගත කර ඇති අතර ඊයේ දහවල් බරණ ප්‍රදේශයේම පිහිටි අලි නාවන මංකඩකට ගොස් එම ස්ථානයේ නාවමින් සිටියදී මෙම අලියා විසින් ඇත් ගොව්වා ඝාතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධව හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මියගිය පුද්ගලයාගේ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.



















