BREAKING NEWS
Search

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

625

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ ඔහුගේ 09හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු තම දරුවන් තිදෙනාද සමග යතුරු පැදියෙන් රාත්‍රී ආහාරය රැගෙන ඒම සඳහා වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් තිබෙනවා.

රාත්‍රී ආහාරය සූදානම් කරන තුරු ඔහු සිය වැඩිමහල් දරුවා එම ස්ථානයේ නවතා අවුරුදු හයක් වයසැති දියණිය සහ අවුරුදු 9ක් වයසැති පුතා සමඟ යතුරු පැදියෙන් වෙනත් වෙළෙඳ සැලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ඔහු සහ දරුවන් දෙදෙනා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එම වෙළෙඳ සැලට ගොස් යළි එමින් සිටි අතරවාරයේ දීයි.

වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ බවයි.

ටෙඩි වැදීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා එම ස්ථානයේදීම මිය ගියා.

අවුරුදු 6ක් වයසැති ඔහුගේ දියණිය ද මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අතර, ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

පිරිමි දරුවා ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *