සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගමන් ගත් ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී තවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (04) තරුණයෙකු මිය ගොස් ඇති බව අධිවේගී මාර්ග පොලිසිය පවසනවා.
එම අනතුරින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු වූ තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රාජ්ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරීවරයා කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ආපදාවට ලක්වීම හේතුවෙන් මෝටර් රථය අධිවේගී මාර්ගයේ අයිනේ නවතා තබා තිබියදී පොලිස් ජීප් රථය මෝටර් රථය පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු රථයෙන් බැස එහි පිටුපස සිට ඇති අතර, රථයේ සිටි තවත් පුද්ගලයෙකු, සහකාර පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රථයේ ගමන් ගත් තවත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල තිබෙනවා.
තුවාල ලැබූ සියලු දෙනා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි එක් අයෙකු මියගොස් ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කළුතර දකුණ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කැබ් රථය පැදවූ කොස්තාපල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.























