BREAKING NEWS
Search

පුතාගේ මංගල දැන්වීමට පුංචි අම්මාගෙනුත් ලිපියක්

399

ඔහු මැදිවියේ අවිවාහකයෙකි. විදෙස් රටක රැකියාවක් කර පැමිණි ඔහු මව්පියන්ගේ ඉල්ලීම මත විවාහයක් කර ගැනීමේ අරමුණින් සති අන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකර ඇත.

දැන්වීම පළවී ටික දිනකින් රටේ නන් දෙසින් එම යෝජනාවට පිළිතුරු ලිපි රැසක් ලැබී ඇත.

එම ලිපි එකිනෙක කඩා බලා කිහිපයක් තෝරාගෙන තිබේ. එම ලිපි අතරේ තිබූ ලිපියක් මව්පියන්ට පෙන්වා මේ ගැහැනු ළමය නම් මට ගැළපෙනවා. දැවැද්දත් හොඳයි.

මේ පළාතෙම නිසා වැඩිය කරදර වෙන්න අවශ්‍යත් නෑ යැයි කියා මව්පියන්ට ලිපිය දී ඇත.
එම ලිපිය කියවූ මව අනේ මේ ළමයා මම දන්න කෙනෙක්නේ. ඒක කොහොම වුණත් කරගන්න බෑ. හේතුව මෙයා අපේ ඥාති නංගි කෙනෙක්.

නෑදෑකමට ඔයාට වෙන්නේ පුංචි අම්මා. මංගල දැන්වීම පළ කළේ ඔයා කියලා ඒ අය දන්නේ නැතුවයි පිළිතුරු ලිපියක් එවල තියෙන්නේ.

අපි නම ගම දැම්මේ නෑනේ. මේ නමත් වාසගමත් මම දන්නවා. එයාටත් මව්පියෝ කෙනෙක් හොයන බවත් මම දන්නවා. කොහොමටත් කරන්න බෑ යැයි කියා නිහඬ වී ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *