BREAKING NEWS
Search

වත්තලම කැලඹු කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුල මුල හෙළිවෙයි.

947

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඝාතනය කර සැඟව සිටි සැකකරුවෙක් දින 12 කට පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම සැකකරු විසින් අදාළ ඝාතනය සිදුකර ඊට අදාළ සාක්ෂිද විනාශ කර ප්‍රදේශයෙන් පළා ගොස් තිබු බවයි.

වත්තල, හැඳල, ශාන්ත සෙබස්තියන් මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකු පදිංචි මෙම නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් විසින් පසුගිය පෙබරවාරි මස 27 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, එම නිවසේ හිමිකරු වූ 56 හැවිරිදි චම්ලි හර්මන් ගෝමස් නමැති ව්‍යාපාරිකයා නිවසේ ඇඳක් මත වැටි මියගොස් සිටියදී සොයාගත්තා.

අදාළ ව්‍යාපාරිකයා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන නමුත් ඔහු මෙම නිවස තුළ තනිවම වාසය කර තිබුණා.

සිරුර සොයා ගන්නා විටත් දැඩි ලෙස නරක් වී තිබු අතර, මූලික විමර්ශවලින් අනාවරණය වුණේ දින කිහිපයකට පෙර ඔහු මියගොස් ඇති බවයි.

තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට මේ සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වුණා.

එම ඝාතනය සිරුර සොයාගත් දිනට දින 9කට පෙර සිදුව ඇති බවට අනාවරණ කරගත් පොලිසිය, වැඩිදුර විමර්ශන සඳහා එම නිවසේ CCTV දර්ශන පරීක්ෂා කළද එම CCTV කැමරා සහ උපාංග ඝාතකයා විසින් රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, ඒ නිවස ආසන්නයේ පිහිට වෙනත් නිවසක සවිකර තිබු CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකසහිත කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා.

එම දර්ශනවලට අනුව අදාළ ව්‍යාපාරිකයා සමඟ මෝටර් රථයෙන් තවත් තරුණයෙක් එම නිවසට පැමිණ තිබු අතර, ඔහු එම නිවසේ හිමිකරුට අයත් යතුරු පැදියකින් නිවසින් බැහැරට ගොස් යළි පැමිණෙ අයුරුද දක්නට ලැබුණා.

එමෙන්ම එදින ත්‍රිරෝද රථයක් ද එම නිවසට පැමිණෙන ඇති අතර පොලිසිය එම ත්‍රිරෝද රථ අංකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා.

එහි හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලිසිය හමුවේ පවසා තිබුණේ එදින තම පුත්‍රයා කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට ත්‍රිරෝද රථයෙන් ගොස් තිබු බවයි.

ඒ අනුව එම පුත්‍රයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබු අතර, ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ ලහිරු නමැති පුද්ගලයෙකුගේ දැනුම් දීමක් මත තමන් එම නිවසට ගිය බවයි.

ඒ අනුව ලහිරු නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකළත් ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කරන ලද විමර්ශනවලින් අනතුරු පසුගිය 02 වැනිදා පස්වරුවේ ලහිරු නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කරගැනීමට පොලිසිය සමත් වුණා.

ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ කළක් තමන් සමීපව අදාළ ව්‍යාපාරිකයා ඇසුරු කළ බවත්, රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.

ඝාතනයෙන් අනතුරුව අදාළ CCTV පද්ධතිය සහ මියගිය පුද්ගලයාගේ ජංගම දූරකතනයද රැගෙන ගොස් කැළෑබද ප්‍රදේශයකට විසි කළ බවත්, ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව එම උපකරණ ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

ලහිරු මදුෂාන් නමැති 22 හැවිරිදි මෙම සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *