BREAKING NEWS
Search

උපන් ඇදුමින් බයික් පැද්ද කාය වර්ධන උපදේශකවරයා ගැන වෙනස්ම කතාවක් එළියට…

15118

කොළඹ ප්‍රදේශයේ සිට යතුරුපැදියක් නිරුවතින් පදවාගෙන පැමිණි පුද්ගලයකු  කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම ඊයේ රටේම කතාබහට ලක් වුණු කතාවක් වුණා.

හිස් වැසුමක්ද නොමැතිව මෙම පුද්ගලයා ඊයේ අලුයම් කාලයේ නිරුවතින් යතුරුපැදිය කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ අධික වේගයෙන් ධාවනය කරමින් පැමිණ තිබුණා.

නුගේගොඩ හෝටලයක නවාතැන්ගෙන සිට මොහු ඊයේ පෙරවරුවේ මහනුවර බලා පැමිණ තිබෙන බවයි පොලිසිය සදහන් කළේ.

එම අවස්ථාවේ මොහු පොලිස් බල ප්‍රදේශ කිහිපයක්ම පසුකර තිබූ අතර එම පොලිස් ස්ථාන මඟින් ලබාදුන් තොරතුරු මත කඩුගන්නාව පොලිසියේ රථ වාහන අංශ නිලධාරීන් මාර්ග බාධකයක්ද යොදා කඩුගන්නාව ගල විදපු ස්ථානය අසලදී මහත් පරිශ්‍රමයක් දමා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරුවතින් සිටීම නිසා අසල්වැසි නිවෙසකින් සරමක් ලබාගෙන ඔහුට අන්දවා පොලිසිය වෙත රැගෙන යෑමටයි රථ වාහන අංශ නිලධාරීන් කටයුතු කළේ.

23 හැවිරිදි තරුණයා අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර කොළඹ ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක උපදේශකවරයකු ලෙස ඔහු කටයුතු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ජනතා ප්‍රතිචාර දැන ගැනීමේ අපේක්ෂාවෙන් තමන් නිරුවතින් යතුරුපැදියේ නැඟී පැමිණි බව අදාළ තරුණයා පොලිසියට පවසා ඇත.

කඩුගන්නාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරෙන අතර අදාළ තරුණයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන බවයි පොලිසිය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *