BREAKING NEWS
Search

පිටකොටුව ලංගම බස් නැවතුම්පොලේදී තරුණයෙක් කරගත් හිතාගන්නවත් බැරි දේ

1605
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ ලංගම බස් රථයක පිටුපස රෝදයට හිස තබා තරුණයකු සිය දිවි හානි කරගෙන ඇතැයි පිටකොටුව පොලිසිය පවසනවා.

මියගිය තරුණයා සතුව අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිය සඳහන් ජාතික හැදුනුම්පතක් තිබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක පමණ අයෙක් වන අතර ඔහු මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය ඊයේ (03) පස්වරු 4.00ට පමණ ගමන් ආරම්භ කිරීමට සූදානම්ව රථය පණ ගන්වා තිබෙනවා.

ඒ අවස්ථාවේ මෙම තරුණයා බස් රථයේ පිටුපස දකුණු පස රෝදයට යට වී ඇති බවයි පැවසෙන්නේ.

මොහු බස්රථය තුළට රිංගා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් ඒ වනවිට මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ඉකුත් (02) වැනිදා පෙරවරුවේ සිටම මධ්‍යම බස් නැවතුම්පොළ අසළ ගැවසී ඇති බව කිහිප දෙනෙකුම ඔහු දැක තිබෙනවා.

මොහු කිසියම් මත්ද්‍රව්‍යයකට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකු බවට පොලිසිය සැක කරනවා.

මෙම තරුණයා අත තිබූ ජාතික හැඳුනුම්පතේ ලිපිනයට අනුව සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසට ගොස් පොලිසිය පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එහිදී එම ජාතික හැඳුනුම්පත අයිති තරුණයා එම නිවසේ සිට ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමාගේ පසුම්බිය කොළඹ බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම තරුණයා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි ඇතුළු දේපළ සොරාගන්නා පුද්ගලයෙකු බවටද පොලිසිය සැක කරනවා.

තවමත් මරණකරු හඳනාගෙන නැති බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *