සෙව්වන්දිගේ මිල වැඩි වෙයි. සොයා දුන්නොත් ලැබෙන ගාන මෙන්න

215
ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති සැකාකාරිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිසිය විසින් ලබා දෙන බව නිවේදනය කළ ත්‍යාග මුදල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් ව පැවති එම ත්‍යාග මුදල, රුපියල් ලක්ෂ 12ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඇය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙසයි පොලිසිය පවසන්නේ..

ඒ අනුව,

අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 859 1727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 859 1735 යන අංක ඔස්සේ ඇමතීමෙන් සැකකාරිය සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දිය හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *