BREAKING NEWS
Search

තරුණයකු රෝහලට යැවූ මුහුදෙන් ආ මාරයා

231

කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තිරුනිත්‍රගෙනි ප්‍රදේශයේ තරුණයන් හතර දෙනෙකු  මුහුදේ දියනෑමට ගොස් ඇති අතර වෙරළට ගොඩ ගසා විත් තිබූ කිසියම් උපකරණයක් දැක ඇත. එම උපකරණයට සම්බන්ධ කර තිබූ දිග නූලක් දැක එය අතින් අල්ලා ඇදීමේ දී එය පුපුරා ගිය බව එක් තරුණයකු පවසා ඇත.

තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයකු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *