BREAKING NEWS
Search

තෙල් බෙදුම්කරුවන් දෙදෙනෙක් වහාම සී.අයි.ඩි.යට කැඳවයි

235

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ එහි විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට එම නිලධාරීන් දෙපළගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලය අඩපණ කර රජය අපහසුතාවට පත්කිරීමට උත්සහ කළේ යැයි මෙහිදී ප්‍රශ්න කරන බව ද වාර්තා වේ.

වෙනත් පුවත්

ඡන්දෙට සල්ලි හරි

පළාත් පාලන ඡන්දයට  සල්ලි  තිබෙන බවත් සල්ලි ඉල්ලා අධිකරණ ගාණේ  යන්නේ නැතුව නිදහසේ වැඩ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට දැන් හැකියාව ඇති බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන  අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය

ඔහු මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

රජය මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආචාර්ය චන්දන අබේරත්න මහතා මෙසේද පැවසීය.

සල්ලි ඉල්ල ඉල්ලා  අධිකරණ ගාණේ  යන්නේ   නැතුව ඔවුනට නිදහසේ කටයුතු කරන්න දැන් අවස්ථාව තියෙනවා. පළාත්  පාලන ඡන්දයේදී නාම යෝජනා බාර දුන් අපේක්ෂක අපේක්ෂිකාවන්ට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට නිවාඩු අහිමි වුණා. සමහරුන්ට තවම වැටුප් ගෙවලා නෑ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *