BREAKING NEWS
Search

සිව් දෙනෙකු එක් වි තරුණයෙක්ට කල අපරාධය

387
මඩකලපුව, කල්ලඩි පාලම අසල මාර්ගයේදී ඊයේ (03) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 31ක් වූ පේතාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු එළවලු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර, තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදු කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *