සැවොම හඩවමින් අවසන් ගමන් ගිය සුසන්තා චන්ද්‍රමාලි ගේ අවසන් මොහොතේ වීඩියෝව මෙන්න

1087

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ කඩුවෙල – කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී.

මෙම අවස්ථාවට කලා තරු රැසක් ද එක් ව සිටි අතර ඇය 1964 පෙබරවාරි මස 21 වැනි දින හම්බන්තොට දී උපත ලැබුවා.

1986 දී පුංචි තිරයට පිවිසෙන සුසන්තා චන්ද්‍රමාලි මෙරට වේදිකා නාට්‍යය මෙන් ම ටෙලි නාට්‍යයවලින් ද රසිකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තැනැත්තියක්.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වී ඇති අතර සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *