BREAKING NEWS
Search

රටම සොයන සෙව්වන්දි ගැන අලුත්ම ආරංචිය මෙන්න…

1505
ඉෂාර සෙව්වන්දි” මිට දින කිහිපයකට පෙර රටේම කතා බහට ලක් වුණු ඇය ගැන තවමත් නිෂ්ශිත තොරතුරක් නැහැ.
මේ වෙන කොට ඇය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් තොරතුරු අනුව, මෙරටින් පලායාමට ඇති සෑම මාර්ගයක්ම අවහිර කර ඇතත්, යම් හිඩැසකින් බෝට්ටුවක් මගින් අසල්වැසි ඉන්දියාවට පලායාමේ හැකියාව සැලකිල්ලට ගෙන, සැකකාරිය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූප ඇතුළු අවශ්‍ය තොරතුරු ඉන්දියානු ආරක්ෂක අංශ වෙත මෙලෙස ලබා දී ඇති බව සදහන්.

මෙරටට අවශ්‍ය අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටීනම්, ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත්, එලෙස මීට පෙර ද බොහෝ අපරාධකරුවන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට බාර දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට හෝ මෙරටින් පලා ගොස් ඇති බවට තොරතුරු තහවුරු වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි.

ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, ඇය ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයකින් සොයා බැලීම් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *