2025 ඔස්කාර් සිනමා උළෙලේ විශේෂ අවස්ථා මෙන්න

52

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි.

97 වැනි වරට පැවැත්වුණු මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ මීට පෙර ද හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබ සිටින ඒඩ්‍රියන් බෲඩිය. ඒ ‘බෲටලිස්ට්’ චිත්‍රපටය වෙනුවෙනි. ඒඩ්‍රියන් බෲඩි, හොඳම නළුවාට හිමි පළමු ඔස්කර් සිනමා සම්මානය දිනා ගත්තේ ‘පියානිස්ට්’ චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම චිත්‍රපටය බවට පත් වූයේ නාට්‍යමය ප්‍රහසන චිත්‍රපටයක් වන ‘අනෝරා’ ය. හොඳම නිළිය බවට පත් වූයේ අනෝරා චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන මිකී මැඩ්සන්ය. හොඳම අධ්‍යක්ෂවරයා ‘අනෝරා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෂෝන් බේකර්ය.

හොඳම සහාය නළුවා ලෙස ‘අ රියල් පේන්’ චිත්‍රපටයේ කීරන් කල්කින් සම්මානයට පාත්‍ර වූවාය. හොඳම සහාය නිළිය ලෙස ‘එමිලියා පෙරේස්’ චිත්‍රපටය වෙනුවෙන් සෝ සැල්ඩානා සම්මානයට පාත්‍ර වූවාය.

හොඳම විදෙස් චිත්‍රපටය ‘අයි ඇම් ස්ටිල් හියර්’ චිත්‍රපටයයි. මෙය බ්‍රසීල චිත්‍රපටයකි. හොඳම සජීවිකරණ කාටූන් චිත්‍රපටය වූයේ ‘ෆ්ලෝ’ චිත්‍රපටයයි. ‘නෝ අදර් ලෑන්ඩ්’ නමැති ඊශ්‍රායල වාර්තා චිත්‍රපටය, හොදම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

(බීබීසී)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *