BREAKING NEWS
Search

චාරුලතා, වන්ශොට් මා සමඟ එකට රඟපෑ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි සොයුරිය – සුසන්තා චන්ද්‍රමාලිට අවසන් ගෞරව දැක්වූ රංජන්

2730

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පි රංජන් රාමනායක මහතා සහභාගීව තිබුණා.

එම අවස්ථාවේ සේයා රූ කිහිපයක් ද මුහුණුපොතට එකතු කරමින් ඔහු, ඇය සමඟ රංගනයෙන් දායක වුණු නිර්මාණයන්හි මතකය ද ආවර්ජනය කර තිබීම විශේෂ ය.

”චාරුලතා,වන්ශොට්, මා සමග එකට රගපෑ ආදරනීය සුසන්තා චන්ද්‍රමාලි සොයුරිය ඔබට නිවන් සුව..”

සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *