BREAKING NEWS
Search

සිසුවෙක්ට මරු කැදවූ දුම්රිය අනතුර ගැන ඇසෙන සංවේදී කතාව

654

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

අනතුර සිදුව ඇත්තේ, අම්බලන්ගොඩ කරිත්ත කන්ද ගේට්ටුව සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතර 52.5 කණුව ආසන්නයේදී බව සඳහන්.

මෙලෙස අනතුරින් මිය ගිය සිසුවා ඇල්පිටිය, ඇල්ල පාර පදිංචි වයස අවුරුදු 16ක් වන තුෂදු සංදීප නම් අය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිසුවා දුරකථනය අතැතිව හෑන්ඩ්ස්ෆ්‍රී භාවිතයෙන් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී නලා ශබ්ද ⁣නෑසිම මෙම අනතුරට හේතුව වන බව සඳහන්.

මියගිය සිසුවා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මෙවර සා.පෙළ විභාගට පෙනී සිටිමට නියමිතව සිටි අයෙකි.

අම්බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක කමලා වගආරච්චි මහත්මිය විසින් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ තැන්පත් කර තිබූ මෘත දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව දේහය බලපිටිය රෝහලට යවන ලෙස නියෝග කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කරන්නේ පසුගිය සතියේදී පාසල් දරුවන් දුම්රිය මාර්ගයේ රැඳී සිටීම ගැන ලැබුණු තොරතුරු මත අවවාද කිරීම ද සිදුකරනු ලැබූ බවයි.

(අම්බලන්ගොඩ – දීපාල් ද සිල්වා)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *