සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා

141

ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇත.

එසේ එවනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළින් කුඩාවට දකින්න ලැබෙන්නේ අප පෘථිවියයි. මෙම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවනැල්ල ද දකින්න ලැබෙයි. එය විශේෂත්වයකි.

යානයේ සම්පූර්ණ හැඩය සෙවනැල්ල මගින් දැක ගැනීමට හැකිය. යානයේ ඇන්ජිමත් දකින්න ලැබේ. ඊට අමතරව චන්ද්‍ර පෘෂ්ඨයේ පැහැදිලි දසුන් ද ඡායාරූපයෙන් දකින්න ලැබේ.

ඡායාරූපයේ පෘථිවිය තරමක් කුඩා අයුරින් දකින්න ලැබෙන්නේ, යානය භාවිතා කරන අල්ට්‍රා වයිඩ් Ultra Wide කැමරා කාච නිසාය. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇත.

බ්ලූගෝස්ට් යානයට අල්ට්‍රා වයිඩ් කැමරා කාච සවි කර ඇත්තේ, පුළුල් ප්‍රදේශයක් ඡායාරූපයට නැගීමට අවශ්‍ය බැවිනි.

ස්තුතිය – නාසා ආයතනයට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *