සිසුවෙක්ට පහර දුන් විදුහල්පතිවරයාට සිදු වූ දේ

305

පොළොන්නරුව විදුහලක 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියක්.  සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ සිසුවා පොළොන්නරුව රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. පාසැල් කාලය  තුළ   ඊයෙ 01 දින සිදුකළ මෙම පහරදීම සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව  මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *