මේ ප්‍රේම කතාවේ ඇය පැටලුණේ කොහොමද කියන්න ඇගේ ගෙදර කිසිවෙක් වත් හරියට දන්නේ නැහැ..
තාරුකා පුංචි කාලේ ඉඳලාම හැදෙන්නේ ප්‍රශ්න පිරුණු ගෙදරක.. ඒ ඇගේ අම්මා තාත්තාගේ විරසකත් එක්ක.. ලස්සන ළමා කාලයක් නොතිබුණු ඇය පුංචි කාලේම අම්මයි තාත්තයි වෙන් වෙනවා..
ඒ වෙනකොටත් මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන වෙනවා… දියණිය කාලය ගෙවන්නේ නෑනා සමඟයි.. පුංචි කාලේ ඉඳලාම ප්‍රශ්නවලින් හෙම්බත්වෙලා ඉන්න තාරුකා පස්සේ ඇයටගේ ජීවිතයේ ඒ අඩුව පුරවාගන්න ආදරවන්තයෙක් සොයාගෙන යනවා..
ඔහු සමඟ ඇගේ හාදකම පටන්ගන්නේ කවුරුත් නොදැනමයි.. අයියා රැකියාවට ගිය බොහෝ වෙලාවක ඇය ජීවත් වුණේ නෑනා එක්ක.. මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් ඒ ගෙදරට යනවා එනවා..
ඒ ඈනොදැක ඉන්න බැරි නිසාද..? නැත්නම්, වෙන හේතුවක් නිසාද කියන එක වත් හිතාගන්න තරම් වැටහෙන වයසක තාරුකා හිටියේ නැහැ.. මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම ඇගේ නෑනාට හොරෙන් රාත්‍රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම ඇය සමඟ කාලය ගත කොට නෑනා අවදිවීමට පෙර අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා…
එහෙත් එදින සැකකරුට නිවෙස තුළ නින්ද යෑම නිසා නෑනා අවදිවීමට පෙර නිවෙසින් පිටව යෑමට නොහැකි වී ඇති අතර එම හේතුවෙන් නෑනාට කලක පටන් තාරුකා කළ ඒ දේ හසුවෙනවා..
මේ සිද්ධියෙන් කෝපයට පත් නෑනා , නංගිගේ කෙරුවාව ගැන සැමියාටත් පවසා වහාම පොලීසියට යන්නේ මේ කොල්ලාට විරුද්දව පැමිණිල්ලක් සටහන් කිරීමටයි..




















