අද (01) පස්වරුවේ මේ මුදාගැනීම සිදුකළ බවයි යුද හමුදාව පැවසුවේ.
ගැමුණු හේවා බළකායේ, නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුම සිදුකර තිබෙනවා.
කොලොන්නාව ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයින් 75 දෙනෙකු නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.
යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර මේ සිවිල් වැසියන් ආරක්ෂිතව මුදාගැනීමට සමත් වූ බවයි යුද හමුදාව පවසන්නේ.




















